[හසිත අකලංක] කාල්ටන් සුපර් සෙවන් තරගාවලියෙන් ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාව අන්තර්ජාතික මට්ටමට ඔසවා තැබීමට හැකිවන බව කාල්ටන් ස්පෝර්ට්ස් සංගමය පවසනවා. මහනුවර බෝගම්බර පිටියේ දී ලබන 26 වැනිදා ආරම්භ වන එම තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වීමට නියමිතයි. විදේශිය ක‍්‍රීඩකයින් කිහිපදෙනකු ද ඒවාට ඇතුලත්ව සිටිනවා. මෙම තරගාවලියට මූල්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමයි. කාල්ටන් ස්පෝර්ට්ස් සංගමය එක්ව ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය, තරගාවලිය සංවිධාන කරනවා.
[හසිත අකලංක]