ලක්ෂ 80ක මත්කුඩු පොලිස් දැලේ     බොදුබල සේනාව නාරාහේන්පිට ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි     නිමල්ට ,ජෝන්ගෙන් හා ටිල්වින්ගෙන් උත්තර     අද තරගයට වැස්සෙන් බාධා වන ලකුණු     ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ ආරක්ෂාව තර කරන්නැයි ලක් රජය බි‍්‍රතාන්‍යයෙන් ඉ
 
 

විශ්වවිද්‍යාල වසා දැමේ

 
2012-08-21

[ඩිල්ෂාන් මඩවල]
රාජ්‍ය විශ්ව විද්‍යාල සහ තවත් උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් දින නියමයක් නොමැතිව වසා දැමීමට ආණ්ඩුව අද තීරණය කළා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය අවසන් කිරීමට බල කිරීමක් ලෙස එම තීරණයට එළඹි බවයි. ඒ අනුව කොළඹ, පේරාදෙණිය, ශී‍්‍ර ජයවර්ධනපුර, කැළණිය, යාපනය සහ රුහුණ යන විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ හැර සෙසු සියලූ පීඨ වසා දැමෙනවා. මොරටුව විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන් වසා දමන බවයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආරක්‍ෂණ විද්‍යා පීඨය හැර සෙස සියලූ පීඨද , රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය හැර සෙසු සියලූ පීඨද වසා දැමෙනවා. සබරගමුව සහ වයඹ යන විශ්ව විද්‍යාලද, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සහ විවෘත විශ්ව විද්‍යාලයද අද සිට වසා දැමෙනු ඇති. දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යායතනය, සාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය සහ මානව සම්පත් අභිවර්ධන ආයතනයද වසා දැමෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණ විද්‍යායතනය, ශී‍්‍රපාලි මණ්ඩපය, ති‍්‍රකුණාමලය මණ්ඩපය සහ වව්නියාව මණ්ඩපයද වසා දැමෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලින් 05 ක් සඳහාම ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය ලෙස එකඟ වී ඇතැයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
එසේ තිබියදී ඔවුන් තවදුරටත් වැඩවර්ජනයේ යෙදීම අනුමත කළ නොහැකි බවයි අවධාරණය කර තිබෙන්නේ. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් විශ්ව
විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයෙන් ද විමසීමක් කළා. ඊට පිළිතුරු දුන්නේ එම සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මදුජිත් මහතායි.

මේ අතර අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් වැඩි කිරීමට හැකියාවක් නැතැයි ආණ්ඩුව කරන ප‍්‍රකාශ විසුළු සහගත බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා. විශ්ව
විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ නාස්තිකාර වියදම් සඳහා ආණ්ඩුව  ඕනෑතරම් මුදල් වියදම් කරන බවයි.
 
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අර්බුද විසඳීමට ආණ්ඩුවට බල කරමින් පා ගමනක් සහ ජන රැළියක් කොළඹදී අනිද්දා පවත්වන බවද මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Samanalee

  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි ඔබ විශ්වාස කරනවාද?
 
ඔව් නැත
 
  ඔව්
 
10.78% 
  නැත
 
89.21%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks