| |
| |
කළුතර ප‍්‍රාදේශීය සභා සභාපති යළි රිමාන්ඞ් |
|
|
2012-08-21
[චිරාන් ජීවන්ත ධර්මසේන]
රුපියල් ලක්ෂ 30 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන කළුතර ප‍්‍රාදේශීය සභාවේ සභාපති විදානපතිරණලාගේ ලක්ෂ්මන් නමැත්තා සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට අනුවයි. කළුතර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා ප‍්‍රාදේශීය සභාවෙන් අවසර ලබාදීමට සැකකාර සභාපතිවරයා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා. එම මුදල ලබා ගන්නා අවස්ථාවේ සභාපතිවරයා සහ කාර්යාලයේ සහයකයෙකුද පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගැනුනා.
|
|
| |
|
|
|
|
|
|
|