නිල ලාංඡන සහ නිල ඇඳුම් භාරදීලා නැහැ     දේශපාලනඥයන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නැයි ආණ්ඩුවෙන්ම ඉල්ලීම්     තුවාල ලැබූ විවෘත විශ්ව විද්‍යාලයේ අචාර්යවරියට සැත්කමක්     13න් ආණ්ඩුව බෙදී නැහැ - ඇමති නිමල්ගෙන් සහතිකයක්     මන්ත්‍රී දුමින්ද සිල්වා පාර්ලිමේන්තු යයි
 
 

දඹුල්ලෙත් ඉඩම් කොල්ලයක්

 
2012-09-22

[කාංචන කුමාර ]
සීගිරිය අභය භූමියේ කායම්වල වැව් රක්ෂිතයේ කොටසක් හෝටලයක් ඉදිකිරීම සඳහා විකිණීමේ සූදානම් පවතින බවට චෝදනා නගමින් ප‍්‍රදේශවාසීන් අද දහවල් විරෝධතාවක නිරත වුණා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් සිඳී ගොස් ඇති මෙම වැවේ අක්කර 7ක පමණ භූමි ප‍්‍රදේශයක් එම හෝටලය ඉදිකිරීම සඳහා දැනටමත් වෙන්කර දී ඇති බවයි. මෙම වැව් රක්ෂිතයේ ඉදිකිරීමට යෝජිත හෝටලය සඳහා අදාළ ඉඩම් කොටස වෙන්කර දී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සුපිරි කී‍්‍රඩකයෙකුට බවටද චෝදනා නැගෙනවා. ඒ පිළිබඳ ප‍්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ අතර විරෝධතාව පැවැත් ස්ථානයට මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර ප‍්‍රණීත් බණ්ඩාර තෙන්නකෝන් මහතා මහතාද පැමිණියා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග සාකච්ඡා කර ගැටලූවට හෙට දිනයේ විසඳුමක් ලබාදෙන බවට මන්තී‍්‍රවරයා පොරොන්දුවක් ලබාදුන් බවයි. ඒ අනුව විරෝධතාකරුවන් විසිර ගිය බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.










  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pibidemu Lanka

  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි ඔබ විශ්වාස කරනවාද?
 
ඔව් නැත
 
  ඔව්
 
10.72% 
  නැත
 
89.27%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks