| |
| |
ඔස්ටේ‍්‍රලියාව සංක්‍රමණික නීති දැඩි කරයි |
|
|
2012-09-22
[තරංග රුක්ෂාන්]
නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ටේ‍්‍රලියාවට පැමිණෙන පුද්ගලයින්ගේ පවුල් පවුල්වලට මානුෂීය පදනම යටතේ වීසා ලබාදීම ඔස්ටේ‍්‍රලියානු රජය මගින් නතර කර තිබෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ ආගමන සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අගෝස්තු මස 13 වැනිදායින් පසුව බෝට්ටුවලින් පැමිණි පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම නීතිය කි‍්‍රයාත්මක වන බවයි. අගෝස්තු 13 වැනි දිනට පෙර බෝට්ටු මගින් පැමිණි පිරිස්වලට ඕස්ටේ‍්‍රලියාවේ රැකවරණය පතන්නන්ගේ තත්වය ලැබීමට සියලූ නිර්ණායක සම්පූර්ණයෙන්ම සැපරිය යුතු වීම අනිවාර්ය වනවා. මීට පෙර තම රටේ රැකවරණය පතන්නන්ට මානුෂවාදී අවශ්‍යතා තිබේද යන්න සොයා බැලීමකින් තොරව ඥාති සබඳතා මත පමණක් පදනම්ව වීසා ලබාගත හැකි වූ බව අමාත්‍යංශය පෙන්වා දෙනවා.
මේ අතර නීති විරෝධී ලෙස ඔස්ටේ‍්‍රලියාවට ගිය ශී‍්‍ර ලාංකිකයින් 18 දෙනෙකු අද යළි දිවයිනට පැමිණියා. එම පිරිස ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණීමට කැමැත්ත පළ කළ බවයි ඔස්ටේ‍්‍රලියානු ආගමන සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
|
|
| |
|
|
|
|
|
|
|