බේරුවල මුහුදේ බෝට්ටුවක් පෙරලී පස්දෙනෙකු මරුට
[තුසිත බේරුවල] බේරුවල ප‍්‍රදීපාගාරය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක් රැගත් බෝටුවක් පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් පස්දෙනෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ බත්තරමුල්ල ප‍්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති බවයි. අනතුරට ලක්වන අවස්ථාවේ බෝට්ටුවේ ගමන් ගත් පිරිසක් මත්පැන් පානය කර සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
dedi kampanaya nisa wechcha deyak