සීගිරියේ රුව යොදාගත් බීර දැන්වීමට එරෙහිව පියවර ගන්න     තිස්සමහාරාම වෙළඳසැලක ගින්නක්     මගේ ජීවිතේ එක දෙක තුන තැන්වල තියෙන්නේ සල්ලී - තීක්ෂණ අනුරාධ     එජාපය සමඟ ගනුදෙනුවක් නෑ     වෙසක් පහන් කුඩු අලවිකරුවගේ දුක්ගැනවිල්ලක්
 
 

අන්තරයේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීම ගැන පාර්ශව කිහිපයකින් චෝදනා

 
2012-09-20

[පූර්ණිමා දිල්හානි/චිරාන් ධර්මසේන]

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ අසත්‍ය චෝදනා මත බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ල වනවා. එම බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු චින්තක රාජපක්ෂ කියා සිටියේ සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු පිළිගත හැකි චෝදනාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

 

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ සිසු අරගල යටපත් කිරීමේ අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මර්දනය කිරීමටද පොලීසිය උත්සහ දරමින් සිටින බවයි ඒ මහතා කියා සිටියේ.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද සජීව බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අසත්‍ය චෝදනා එල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි එම නිවේදනය මගින් පෙන්වා දී තිබෙන්නේ. මේ පිළිබඳ නෙත් නිවුස් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා. ඔහු  පැවසුවේ අදාළ චෝදනා තහවුරු කිරීම සඳහා විද්‍යාත්මක සාක්ෂි රැසක් පොලීසිය සතුව තිබෙන බවයි.


                                    

  Share on Twitter Share on Facebook  
  miq.sh mqj;a  
  1.  අන්තරයේ කැඳවුම්කරු අත්අඩංගුවට
   Post Your Comments
 
   1 Comments  
 
September 20,2012 09:18 am
Anonymous

KO KATUGAE KADAPUWATA VEDYATHMAKA SAKKI,,SUPIRI POLICE.

 
  Samanalee

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
82.55% 
  නැත
 
17.44%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks