නිල ලාංඡන සහ නිල ඇඳුම් භාරදීලා නැහැ     දේශපාලනඥයන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නැයි ආණ්ඩුවෙන්ම ඉල්ලීම්     තුවාල ලැබූ විවෘත විශ්ව විද්‍යාලයේ අචාර්යවරියට සැත්කමක්     13න් ආණ්ඩුව බෙදී නැහැ - ඇමති නිමල්ගෙන් සහතිකයක්     මන්ත්‍රී දුමින්ද සිල්වා පාර්ලිමේන්තු යයි
 
 

පොලිස් ප‍්‍රධානීන් දස දෙනෙකුට ස්ථාන මාරු

 
2012-09-20

[චිරාන් ධර්මසේන]

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිවුදෙනෙකු, පොලිස් අධිකාරිවන් තිදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ගම්පොළ කොට්ඨාසයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.එල්. ප‍්‍රනාන්දු මහතා නුගේගොඩ කොට්ඨාසයට මාරුකර යවා ඇති බවයි. මහනුවර කොට්ඨාසයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී.ජී. ඇල්ලපොළ මහතා ගම්පොළ කොට්ඨාසයට මාරුකර යවා තිබෙනවා. කොළඹ දකුණ කොට්ඨාසයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ජී. මතුරට මහතා මාරුකර යවා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතටයි. නුගේගොඩ කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරී එස්.සී. ද සිල්වා මහතා පොලිස්පති අණදෙන මැදිරියේ අධ්‍යක්ෂවරයා ලෙස මාරුකර යවා තිබෙනවා. අනුරාධපුර කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරී කේ.ඞී.ඒ. සේරසිංහ මහතා මහනුවර කොට්ඨාසය වෙත යවා අති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ. පොළොන්නරුව කොට්ඨාසයේ සිටි සහකාර පොලිස් අධිකාරී ජේ.ආර්. ඩයස් මහතා කොළඹ දකුණ කොට්ඨාසයට මාරුකර යවා තිබෙනවා.

 
කොළඹ වංචා විමර්ශන අංශයේ සිටි සහකාර පොලිස් අධිකාරී එස්.පී. ඉරසිංහ මහතා පොළොන්නරුව කොට්ඨාසයට මාරුකර යවා ඇති අතර කොළඹ දකුණ කොට්ඨාසයේ සිටි සහකාර පොලිස් අධිකාරි සී.ජේ. සිල්වා මහතා කොළඹ වංචා විමර්ශන අංශයට මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියා. සේවයේ අවශ්‍යතා මත මෙම මාරුවීම් ලබාදී ඇති බවයි එ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ’ඊ’ආර්’එල්’ ප‍්‍රනාන්දු මහතා ගම්පොල
කොට්ඨාශයේ සිට නුගේගොඩ කොට්ඨාශය
 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්’බී’ජී’ ඇල්ලපොල මහතා මහනුවර කොට්ඨාශයේ
සිට ගම්පොල කොට්ඨාශය
  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී’කේ’ඒ’එච්’ජී මතුරට මහතා කොළඹ දකුණ
කොට්ඨාශයේ සිට අධ්‍යක්ෂ” අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ
 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඞී’ ගජසිංහ මහතා අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂන
දෙපාර්තමේන්තුව සිට අධ්‍යක්ෂ නීති කොට්ඨාශය
 පොලිස් අධිකාරී පී’එස්’සී’ද  සිල්වා නුගේගොඩ කොට්ඨාශයේ සිට අධ්‍යක්ෂ
පොලිස්පති අණ දෙන මැදිරිය’
 පොලිස් අධිකාරී කේ’ඞී’ඒ සේරසිංහ මහතා අනුරාධපුර කොට්ඨාශයේ සිට
මහනුවර කොට්ඨාශය (2012’10’01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි*
 පොලිස් අධිකාරී එස්’පී’රණගල මහතා අම්පාර කොට්ඨාශයේ සිට කොළඹ
දකුණ කොට්ඨාශය
 සහකාර පොලිස් අධිකාරී ඩබ්’කේ’ජේ’ආර් ඩයස් මහතා පොලොන්නරුව
කොට්ඨාශයේ සිට කොළඹ දකුණ කොට්ඨාශය
 සහකාර පොලිස් අධිකාරී එම්’ඒ’අයි’ඒ’ඞී’එස්’පී’ ඉරසිංහ මහතා කොළඹ වංචා
විමර්ශන කාර්යාංශයේ සිට පොළොන්නරුව කොට්ඨාශය
 සහකාර පොලිස් අධිකාරී සී’ජේ’ සිල්වා කොළඹ දකුණ කොට්ඨාශයේ සිට
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය :ත්‍්ං ඔඍ 216*
 

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pirith

  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි ඔබ විශ්වාස කරනවාද?
 
ඔව් නැත
 
  ඔව්
 
10.81% 
  නැත
 
89.18%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks