2012-09-20
[පූර්ණිමා දිල්හානි/චිරාන් ධර්මසේන]
ශ‍්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන සාමයට සහ සහජීවනයට බාධා එල්ල නොකරන ලෙස ජාතික හෙළ උරුමය ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. එහි මාධ්‍ය හා ප‍්‍රචාරක ලේකම් නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා කියා සිටියේ ජගත් සංවිධානයේ මානව හිමිකම් පිළිබ`ද මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගේ නියෝජිතයන් පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණීම හරහා එවැනි තත්වයක් මතුවිය හැකි බවයි. ඒ අනුව, එම පිරිස ශ‍්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් අද දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන කාර්යාලයට සංදේශයක් භාරදෙන බවද නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා කියා සිටියා.