| |
| |
ඉකුත් දින හයේදී බීමතින් රිය පැදවූ 1056 දෙනෙකු පොලිස් දැලේ |
|
|
2012-09-16
[චිරාන් ධර්මසේන]
බීමතින් රිය පැදවූ පුද්ගලයන් 1056 දෙනෙකුට එරෙහිව ඉකුත් දින 06 තුළදී නඩු පැවරූ බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ පසුගිය 11 වනදා පෙරවරු 06 සිට අද පෙරවරු 06 දක්වා සිදුකළ වැටලීම්වලදී මෙම පිරිසට එරෙහිව නඩු පැවරූ බවයි. දිවයිනේ ප‍්‍රධාන නගර සහ දිස්ත‍්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම් සිදුකෙරුණා. ඒ අනුව, බීමත්ව මගීන් ප‍්‍රවාහනය කළ බස් රථ රියදුරන් 09 දෙනෙකුට එරෙහිව එහිදී නඩු පවරා තිබෙනවා. බීමතින් ගමන්ගත් ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි රියදුරන් 912 දෙනෙකුට එරෙහිවද නඩු පැවරූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.
|
|
| |
|
|
|
|
|
|
|