| |
|
|
|
2012-06-25
[ඩිල්ෂාන් මඩවල]
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ඉසෙඞ් ලකුණු ගණනය කිරීමට ඉකුත් වසරේ යොදා ගැනුණු සූත‍්‍රය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ඊට පෙර වසරවලට වෙනස්ව ඉකුත් වසරේදී යොදා ගැනුණේ අලූතින් සකස් කෙරුණු සූත‍්‍රයක්. නව හා පැරණි ලෙස නිර්දේශ දෙකක් යටතේ අපේක්ෂකයන් විභාගයට ඉදිරිපත්ව සිටීම ඊට හේතුවයි. එයින්, අසාධාරණයක් වූ බවට පවසමින් ලංකා ගුරු සංගමය සහ අපේකෂකයන් කිහිපදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළා. එය විභාගයට ගැනුණේ අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායක මහත්මිය ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
මේ අතර එම විනිසුරු මඩුල්ලේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරන තෙක් උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිපල නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
|
|
| |
|
|
|
|
|
|
|