වදුරඹ සන්සුන් - 05 දෙනෙකු අත්අඩංගුවට
[රවීන්ද්‍ර චන්ද්‍රලාල් /හෙරල් සේනාධීර] බුද්ධත්වය අවබෝධ කළ බව පවසමින් බුදු දහමේ කරුණු විකෘති කෙරෙන දේශන පවත්වන්නේ යැයි චෝදනා ලැබ සිටින ගාල්ල වදුරඹ ප‍්‍රදේශයේ සිරිවර්ධන නමැත්තාගේ නිවසට ඊයේ සවස කෙරුණු ප‍්‍රහාරයෙන් එම නිවසට හානි සිදුව තිබෙනවා. පොලීසිය පවසන්නේ ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. සිරිවර්ධන නමැත්තාට හෝ ඔහුගෙන් දේශන ශ‍්‍රවණය කිරීමට පැමිණි කිසිවෙකුට හානි සිදුනොවූ බවද ඔවුන් නිරුපද්‍රිතව ඉවත් කරගත් බවද පොලීසිය පවසනවා. කෙසේවෙතත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි වැඩ බලන පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා පවසන්නේ. පොලිස් විශේෂ කාර්යය බලකායේ වාහනයකට සහ තවත් වාහන කිහිපයකට හානි සිදුවූ බවද ප‍්‍රකාශ කෙරුණා. ප‍්‍රහාරය එල්ල කෙරුණේ ගාලූ බොදු පවුර සංවිධානය විසින් මෙහෙය වන ලද විරෝධතාවයකින් අනතුරුවයි. විරෝධතාකරුවන් සිරිවර්ධන නමැත්තාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී පොලීසිය මාර්ග බාධක යොදා ඔවුන්ගේ ගමන වැළැක්වීමට උත්සාහ කළා. කඳුළු ගෑස් ප‍්‍රහාරයක්ද එල්ල කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට තුවාල සිදුවු බවද නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. මේ අතර සිරිවර්ධන නමැත්තා සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝවේ බැලූම්ගල වැඩසටහනින්ද මීට පෙර කරුණු අනාවරණය කෙරුණා.