| |
| |
ව්‍යාජ රුපියල් මදිවට ව්‍යාජ යූරෝත් |
|
|
2012-06-25
[ඩිල්ෂාන් මඩවල]
ව්‍යාජ ලෙස මුද්‍රණය කෙරුණු යූරෝ මුදල් නෝට්ටු තොගයක් පොලීසිය විසින් ඊයේ සවස සොයා ගැනුණා. ඒ, නාරම්මල ප‍්‍රදේශයේදී කළ වැටලීමකදීයි. පුද්ගලයන් දෙදෙනෙකු ස්වර්ණාභරණ මිළට ගැනීම සඳහා එම වෙළඳසැළකට ලබාදුන් යූරෝ නෝට්ටුවක් ව්‍යාජ එකක් බවට පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා. වැටලීම සිදුකෙරුණේ ඒ අනුවයි. ව්‍යාජ ලෙස මුද්‍රණය කෙරුණු තවත් යූරෝ නෝට්ටු 20 ක් එහිදී සොයා ගැනුණා. ඒවා සන්තකව සිටි පුද්ගලයන් දෙදෙනාද, ඔවුන්ට අයත් කැබ් රථයක්ද අත්අඩංගුවට ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. එම පුද්ගලයන් බත්තරමුල්ල සහ මොහොට්ටිවත්ත යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.
|
|
| |
|
|
|
|
|
|
|