| |
| |
64 වෙනි නිදහස් දා ප්‍රභාකරන්ගේ මුද්දර පෙළක් එළිදකී |
|
|
2012-02-06
ඩිල්ෂාන්
එල් ටී ටී ඊ යේ හිටපු නායක ප්‍රභාකරන්ගේ රුව සහිත මුද්දර පෙළක් නෝර්වේ සහ ජර්මනියේ ද එළිදැක්වුණා. එම මුද්දර පෙළ එළිදැක්වුනේ ශ්‍රී ලංකාව බ්‍රීතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර වසර 64 ක් සම්පූර්ණ වූ ඉකුත් සෙනසුරාදාම වීම විශේෂත්වයක්. ප්‍රභාකරන්ගේ රුවට අමතරව ඊළාම් රාජ්‍යයේ සිතියම, ඊළාම් ධජය සහ නිය`ගලා මල ද එම මුද්දරවලට ඇතුළත්. නෝර්වේ හිදී එරට ජාතික තැපැල් සේවය හරහා මුද්දර එළිදැක්වීමට කටයුතු කර ඇත්තේ නෝර්වීජියානු ඊළාම් කවුන්සිලයයි. තමිල් ඊළාම් කවුන්සිලය ජර්මනියේ ජාතික තැපැල් සේවය හරහා මුද්දර එළිදැක්වීමට කටයුතු කළා.
නෙත් ප්‍රවෘත්ති මීට ඉහත දී අනාවරණ කළේ කැනඩාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, අමෙරිකාව සහ බ්‍රීතාන්‍ය යන රටවල ද ප්‍රභාකරන්ගේ රුව සහිත මුද්දර පෙළක් එළිදැක්වූ බවයි. එම මුද්දර පෙළ නිකුත් කිරීම අතපසුවීමක් බව ද ශ්‍රී ලංකාවට සිසු දූ අපහසුතාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ද බ්‍රීතාන්‍ය පසුව ප්‍රකාශ කළා.
|
|
| |
|
|
|
|
|
|
|