2012-02-05
දඹදිව ඇතුළු බෞද්ධ වන්දනා ගමන් සඳහා සහභාගි වන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් මුහුණ දෙන මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි පොලිසියට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. එහි සභාපති අයි.පී.එස්.ගුණසේකර මහතා නෙත් ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඇතැම් වන්දනාකරුවන් වෙනත් ප්‍රශ්න රැසකට ද මුහුණ දෙන බවයි.
කෙසේ වෙතත් ගිවිසුම් ගතව වන්දනා ගමන් යන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.