| |
| |
කොත්තු රොටි නිෂ්පාදකයන්ට පුහුණුවක්. |
|
|
2012-02-06
ශකිලා/ඩිල්ෂාන්
කොත්තු රොටී නිෂ්පාදකයන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට කොළඹ මහ නගර සභාව සූදානම් වනවා. එහි ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පැවසුවේ කොත්තු රොටී නිෂ්පාදකයන් වෛද්‍ය පරීක්ෂණවලට ද යොමු කරන බවයි. පාරිභෝගියන්ට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සපයාදීම එහි අපේක්ෂාව බව ද ප්‍රකාශ කෙරුණා. මේ අතර කොළඹ මහ නගර සභාවේ බල ප්‍රදේශයට අයත් ආහාර අලෙවිසැළවලට මෙම වසර ස`දහා වෙළ`ද බලපත්‍රය ලබා ගැනීමට ලබා දී ඇති කාලය ලබන මස 31වනදායින් අවසන් වනවා. ඊට පෙර නියමිත කොන්දේසි සපුරා වෙළ`ද බලපත්‍රය ලබාගන්නා ලෙසයි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා අලෙවිසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ.
|
|
| |
|
|
|
|
|
|
|