| |
| |
ඕස්ටේ‍්‍රලියානු විදේශ ඇමති ඉල්ලා අස්වෙයි |
|
|
2012-02-22
[ඩිල්ෂාන් මඩවල]
ඔස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍ය කෙවින් රඞ් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් අද ප‍්‍රකාශ කළා. අමාත්‍යවරයා ඒ බව ප‍්‍රකාශ කළේ අමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැත්වු මාධ්‍ය හමුවකදීයි. එම මාධ්‍ය හමුවට පෙර අමාත්‍යවරයා අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද මුණ ගැසී තිබෙනවා. අමාත්‍යවරයා මෙලෙස ඉල්ලා අස්වුයේ ඔහු නියෝජනය කරන ඔස්ටේ‍්‍රලියානු කම්කරු පක්‍ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් පවතින අවස්ථාවකදියි. වත්මන් නායක මෙන්ම ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරිය ද වන ජුලියා ගිලාඞ් සහ අමාත්‍ය කෙවින් රඞ් අතර එම අර්බුදය නිර්මාණය වෙමින් තිබුණා.
|
|
| |
|
|
|
|
|
|
|