● සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අනුමැතිය ලබා දෙයි     ● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි
 
 

මිත‍්‍ර රටවලින් සහය ලබා ගන්නවා

 
2012-02-22

[ඩිල්ෂාන් මඩවල]
බි‍්‍රතාන්‍ය විසින් ශී‍්‍ර ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව පරාජය කිරීම සඳහා මිත‍්‍ර රටවලින් සහය ලබා ගන්නා බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. බි‍්‍රතාන්‍ය එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට චෝදනා කරමින්. ඊට සහය ලබාදෙන බව අමෙරිකාවද ප‍්‍රකාශ කර තිබෙනවා. එහෙත් එම යෝජනාව පක්ෂපාතී මෙන්ම අසත්‍ය එකක් බවට මිත‍්‍ර රටවල් හමුවේ කරුණු දක්වන බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ලබන 27 වැනිදා ආරම්භ වනවා. ඊට සහභාගි වන රටවල් සංඛ්‍යාව 45ක්. ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වන දූත පිරිසේ ප‍්‍රධානියා වන අමාත්‍ය මහින්ද සමරසිංහ මහත අද අලූයම මවුබිමෙන් පිටත්ව ගියා. අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේ මාධ්‍යවේදීන් සමග ඊට පෙර පැවැත් වූ සාකච්ඡුාවකදීයි.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද ස්විට්සර්ලන්තයේ ජිනීවා බලා පිටත්ව ගොස් සිටිනවා.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
78.57% 
  නැත
 
21.42%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks