| |
| |
ජනතාව තම්මැන්නාවට යළි රැස්වෙයි |
|
|
2012-02-22
[ආර්.කේ.ඒ. ආරියපාල]
කතරගම තම්මැන්නාව ප‍්‍රදේශයෙන් හමු වූ මැණික් නිධිය සහිත ඉඩම අසල අද අලූයම සිට නැවත වරක් විශාල සංඛ්‍යාත පිරිස් රොක් වී සිටිනවා. අධිකරණ නියෝගයකට අනුව එම ප‍්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම් කිරීම නිසා ඉකුත් දිනවලදී එතරම් පිරිසක් ඒ අසලට පැමිණියේ නැහැ. එහෙත් අධිකරණ නියෝගය ඊයේ මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වූ බව නෙත් කතරගම වාර්තාකරු. ආර්.කේ.ඒ. ආරියපාල පවසනවා. විශාල සංඛ්‍යාත පිරිස් මැණික් නිධිය සහිත ඉඩම අසලට රොක් වී සිටින්නේ ඉන් අනතුරුවයි.
මේ අතර මැණික් නිධිය සහිත ඉඩම කට්ටි කර වෙන්දේසි කිරීම අනිද්දා සිදු කෙරෙනවා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පැවසුවේ කතරගම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රවණාගාරයේදී වෙන්දේසිය පැවැත්වෙන බවයි.
|
|
| |
|
|
|
|
|
|
|