| |
| |
අම්බුළුවාවේ ගින්න පාලනය කෙරේ |
|
|
2012-02-22
[හෙරල් සේනාධීර]
අම්බුළුවාව රක්ෂිතයේ ඊයේ සවස ආරම්භ වූ ගින්න දැන් බොහෝ දුරට පාලනය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ගින්න නිවීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේද සහාය ලබා ගත් බවයි. ගින්නට ලක් වූ ප‍්‍රදේශය අක්කර 400ක් පමණ බව දැනට ඇස්තමේන්තු කර තිබෙනවා. ජෛව විවිධත්වයට සිදු වූ හානිය හැරුණු විට ජීවිත හෝ දේපළ හානි සිදු නොවූ බවයි ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ. ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නැතැයිද ප‍්‍රකාශ කෙරුණා.
|
|
|
| |
|
|
|
|
|
|
|