| |
| |
හම්බන්තොට වැලිගත්තේ විරෝධතාවක් |
|
|
2012-02-22
[සනත් ගමගේ]
හම්බන්තොට - කතරගම ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් වැලිගත්ත කුඩා ගම්මාන 10 ප‍්‍රදේශවාසීන් අද උදෑසන සිට උද්ඝෝෂණයක නිරත වනවා. එ් එම ප‍්‍රදේශය වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට විදුලි වැටක් ඉදිකරන්නැයි බල කරමින්. මාර්ගයේ ස්ථාන කිහිපයක ටයර්ද පුළුස්සා තිබෙනවා.
වන අලියෙකු පහරදීමෙන් එම ප‍්‍රදේශයේ තරුණියක් අද අලූයම මියගියා. ඇගේ පියාද තුවාල ලබා හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි නෙත් වාර්තාකරු පවසන්නේ.
වන අලින්ගේ මෙවැනි පහරදීම් නැවත නැවත සිදුවීම වළක්වාලීමට දැන්වත් පියවර ගන්නැයි උද්ඝෝෂණයකයන් බලකර සිටිනවා.
මෙම උද්ඝෝෂණය නිසා හම්බන්තොට කතරගම ප‍්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා සිදුව තිබෙනවා. පාසල් යන ළමයින් සහ රැකියාවලට යන පිරිස් අපහසුතාවලට මුහුණ දුන් බවයි නෙත් වාර්තාකරු පවසන්නේ.






|
|
| |
|
|
|
|
|
|
|