| |
| |
බ‍්‍රයන් ලාරා ජනපති හමුවෙයි |
|
|
2012-09-16
[චිරාන් ධර්මසේන]
ශ‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක බ‍්‍රයන් ලාරා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ මෙම හමුවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පිළිබඳ දෙපාර්ශවය අදහස් හුවමරු කරගත් බවයි. තමන් වසර කිහිපයකට පෙර පැමිණි අවස්ථාවේ ශ‍්‍රී ලංකාවට වඩා දියුණු රටක් අද දැකගත හැකි බව බ‍්‍රයන් ලාරා ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළා. මෙම අවස්ථාවට ලාරාගේ සොහොයුරිය වන ඇග්නස් සයිරස් සහ සහෝදරයා වන වින්සන් යූස්තාන්ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළේ නිවේදනයක දැක්වෙන්නේ.
|
|
| |
|
|
|
|
|
|
|