| |
| |
බැංකු පොලී ද වැඩි වනු ඇතැයි ආර්ථීක විද්වත්හූ පවසති. |
|
|
2012-02-06
ඩිල්ෂාන්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාත ඉහළ නැංවීම නිසා වාණිජ බැංකුවල පොළී අනුපාතනයන් ද ඉහළ යනු ඇතැයි ආර්ථීක විද්වතුන් පෙන්වා දෙනවා. තැන්පත් ස`දහා ගෙවන පොලිය මෙන්ම ණය සද`හා අයකරන පොලිය ද එලෙස ඉහළ යනු ඇති බවයි එල්.එම්.ඩී සහ ව්‍යාපාරික හ`ඩ යන ස`ගරාවල ප්‍රධාන කතෘ හිරාන් හේවාවිසෙන්ති මහතා පැවසුවේ.
මේ අයුරින් බැදුම්කර සහ අන්තර් බැංකු ඒෂන මුදල් වෙළ`දපොළේ අනුපාත ද ඉහළ යනු ඇතැයි විමසුම ඩොට් කොම් ව්‍යාපාරික වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ ජයන්ත කොවිලේගොඩ මහතා පවසනවා. වාණිජ බැංකු විසින් ණය ලබාදීම ද අඩුවනු ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.
වාණිජ බැංකු විසින් ණය ලබාදීම අඩුවීම සහ ණය පොලියව වැඩිවීම නිසා උද්ධමනය වැඩිවීමේ අවධානමක් ද පවතින බව මෙහිදී පැහැදිලි කෙරුණා.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවූයේ ඉකුත් සමයේ මූල්‍ය පද්ධතියේ ඇති වූ අධික පීඩනය ම`ගහරවාලීමටයි. බැංකු පොලී අනුපාතය අඩු මට්ටමක තබා ගැනීමටත් රුපියලේ අගය නොවෙනස්ව පවත්වා ගැනීමටත් දිගින් දිගටම උත්සහ කිරීම නිසා එවැනි පීඩනයක් ඇති වු බව ආර්ථීක විද්වතුන් පෙන්වා දුන්නා. එම පීඩනය ම`ගහරවාලීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තවත් පියවරක් වූයේ රුපියල අව ප්‍රමාණය කිරීමයි. එහෙත්, එය ප්‍රමාණවත් නොවන බව ජයන්ත කෝවිලේගොඩ මහතා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් නෙත් ඩේ ටයිම් නිවුස් අද උදෑසන කළ විමසීමක දී තහවුරු වූයේ වාණිජ බැංක-වල තැන්පතු පොලී හෝ ණය පොලී අනුපාත මෙතෙක් වැඩි වී නොමැති බවයි. එහෙත්, එවැනි වැඩිවීමක් සිදුනොවනු ඇතැයි ද තහවුරු කෙරුණේ නැහැ.
|
|
| |
|
|
|
|
|
|
|