| |
| |
දෙමළ සන්ධානයෙන් ආණ්ඩුවට පණිවුඩයක් |
|
|
2012-02-22
[චිරාන් ජීවන්ත ධර්මසේන]
ජනාධිපතිවරයා මැදිහත් වුව ද එකඟතාවයක් ඇති වන තෙක් දේශපාලන විසඳුමක් සඳහා වන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සිය නියෝජිතයා නම් නොකරන බව ද්‍රවිඩ සන්ධානය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේ නෙත් ප‍්‍රවෘත්ති කළ විමසුමකට පිළිතුරු දෙමින්. ජනාධිපතිවරයා සහ ද්‍රවිඩ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්.සම්බන්ධන් මහතා අතර සාකච්ඡුාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එහිදී මේ පිළිබඳ විශේෂ එකඟතාවක් ඇති කර ගත්තේ දැයි අප සුමන්තිරන් මන්ත‍්‍රීවරයාගෙන් විමසුවා.
ද්‍රවිඩ සන්ධානයේ නියෝජිතයා මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයා ද මෙම කාරක සභාවට නම් කර නැහැ. එක්සත් ජාතික පක්‍ෂය අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ ද්‍රවිඩ සන්ධානයේ නියෝජිතයෙකු නොමැති සාකච්ඡුාවලින් පළක් නොවන බවයි. එබැවින් ඔවුන් නියෝජිතයෙකු නම් කළ හොත් තමන්ට ද සිය නියෝජිතයා නම් කළ හැකි බව පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියා.
|
|
| |
|
|
|
|
|
|
|