| |
| |
දික්වැල්ලේ ෆයිනස් වගාව ජල මූලාශ‍්‍රවලට තර්ජනයක් |
|
|
2012-02-22
[ටී.කේ. මහින්ද ]
දික්වැල්ල - සමගිපුර දන්දෙණිය සහ අපරැුක්ක යන ප‍්‍රදේශවාසීන්ගේ මැසිවිල්ලකටයි නෙත්සැරය මෙම අනාවරණය. එම ප‍්‍රදේශවල බහුලව සිදු කෙරෙන ෆයිනස් වගාව නිසා ජල මූලාශ‍්‍ර අවදානමට ලක්ව ඇති බවයි ඔවුන් පවසන්නේ. වන සතුන් ගම්වැදීම නිසා වගා බිම් හානිවන බවද ප‍්‍රකාශ කෙරුණා.
වන සතුන්ගෙන් මිනිස් ජීවිතවලට හා දේපළට වන හානිය දික්වැල්ල - සමගිපුර දන්දෙණිය සහ අපරැුක්ක යන ප‍්‍රදේශවලට පමණක් සීමා වූවක් නොවෙයි. රටපුරා තවත් ප‍්‍රදේශ බොහෝමයකින්ද එවැනි මැසිවිලි නැගෙනවා. ගොවිජන සේවා සහ වනජීවි අමාත්‍යංශය ඊට සංවේදී විය යුතු බව නෙත්සැරය පෙන්වා දුන්නේ වරක් දෙවරක් නොවෙයි.
ඇතැම් විදේශීය ශාක නිසා දේශීය ශාක පද්ධතීන් අවදානමට ලක්වන බවද ජලමූලාශ‍්‍ර සිඳීයාම වැනි වෙනත් පරිසර හානි සිදුවන බව නෙත්සැරය සහ නෙත් ප‍්‍රවෘත්ති අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නා. ෆයිනස් වගාව නිසා සිදුව ඇති පරිසර හානි සම්බන්ධයෙන් සමගිපුර දන්දෙණිය සහ අපරැුක්ක යන ප‍්‍රදේශවාසීන් නගන මැසිවිල්ල ඊට තවත් උදාහරණයක්. පරිසර අමාත්‍යංශය දැන්වත් ඊට සංවේදී විය යුතුයි. ප‍්‍රතිචාර මොනවාදැයි නෙත්සැරය විමසිල්ලෙන්.
|
|
| |
|
|
|
|
|
|
|