දඹුල්ලෙත් ඉඩම් කොල්ලයක්
[කාංචන කුමාර ] සීගිරිය අභය භූමියේ කායම්වල වැව් රක්ෂිතයේ කොටසක් හෝටලයක් ඉදිකිරීම සඳහා විකිණීමේ සූදානම් පවතින බවට චෝදනා නගමින් ප‍්‍රදේශවාසීන් අද දහවල් විරෝධතාවක නිරත වුණා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් සිඳී ගොස් ඇති මෙම වැවේ අක්කර 7ක පමණ භූමි ප‍්‍රදේශයක් එම හෝටලය ඉදිකිරීම සඳහා දැනටමත් වෙන්කර දී ඇති බවයි. මෙම වැව් රක්ෂිතයේ ඉදිකිරීමට යෝජිත හෝටලය සඳහා අදාළ ඉඩම් කොටස වෙන්කර දී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සුපිරි කී‍්‍රඩකයෙකුට බවටද චෝදනා නැගෙනවා. ඒ පිළිබඳ ප‍්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. මේ අතර විරෝධතාව පැවැත් ස්ථානයට මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර ප‍්‍රණීත් බණ්ඩාර තෙන්නකෝන් මහතා මහතාද පැමිණියා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග සාකච්ඡා කර ගැටලූවට හෙට දිනයේ විසඳුමක් ලබාදෙන බවට මන්තී‍්‍රවරයා පොරොන්දුවක් ලබාදුන් බවයි. ඒ අනුව විරෝධතාකරුවන් විසිර ගිය බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.