| |
| |
තවත් ඇමැතිවරයෙක් ජීනිවා යයි |
|
|
2012-02-22
[ඩිල්ෂාන් මඩවල]
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට සහභාගි වීම සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා බලා අද පිටත්ව ගියා. නෙත් ඬේ ටයිම් නිවුස් කටුනායක වාර්තාකරු පවසන්නේ අමාත්‍යවරයා රැගත් ගුවන් යානය අලූයම 2 .50ට පමණ පිටත්ව ගිය බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ලබන 27 වැනිදා ආරම්භ වනවා. ඊට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද දින කිහිපයකට පෙර ජිනීවා බලා පිටත්ව ගියා.
මේ අතර ජිනීවා බලා පිටත්ව යාමට පෙර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ ශී‍්‍ර ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍ය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව පරාජය කිරීමට මිත‍්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවයි. ඒ සඳහා සාකච්ඡා පවත්වන බවද අමාත්‍යවරයා පැවසුවා.
|
|
| |
|
|
|
|
|
|
|