● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි     ● රටේ අයිතිය ජනතාවටයි - රනිල්ගෙන් ප‍්‍රකාශයක්
 
 

ඉන්ධන මිළ ඉහළයාම ගැන අනතුරු ඇගවීමක්.

 
2012-02-06

ඩිල්ෂාන්

අමෙරිකාව සහ යුරෝපා රටවල් ඉරානයට පැන වූ සම්බාධක නිසා එරටින් බොරතෙල් ආනයනය නතර කළහොත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි අනතුරු ඇගවීමක් කෙරෙනවා. ඊට හේතු දැකවූයේ ජාතික සේවක සංගමයේ ලංකා ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ සහකාර ලේකම් ආනන්ද පාලිත මහතායි.
මේ අතර ඉරානයෙන් බොරතෙල් ආනයනය නතර  කිරීමට  සිදුවුවහොත් විකල්පයක් ලෙස ඕමානයෙන් බොරතෙල් ආනයනය කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය ඉකුත් දා ප්‍රකාශ කළා. ඕමාන ආණ්ඩුව ද ඊට එක`ගතාව පළකළ බවයි ප්‍රකාශ කෙරුණේ.
කෙසේ වෙතත් ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ බොරතෙල් ආනයනය කිරීමට විකල්ප රටක් තෝරා ගැනීමට පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඉන්ධන මිළ ඉහළ යාම වළක්වාලීමට දේශීය පිළියම් යෙදිය යුතු බව ද අවධාරණය කෙරුණා. එහෙත්, එවැනි පිළියම් යෙදීම ආණ්ඩුව ම`ගහැර සිටින බවයි ප්‍රකාශ කෙරුණේ.
මේ අතර ශ්‍රී ලංකාවේ දැනට කෙරෙන දෛනික පෙට්්‍රල් පරිභෝජනය මෙට්්‍රක් ටොන් 1200 ත් 1500 ත් අතර ප්‍රමාණයක්. ඩීසල් මෙට්්‍රක් ටොන් 1500ත් 2000 ත් අතර ප්‍රමාණයක් ද භූමිතෙල් මෙට්්‍රක් ටොන් 300 ක් පමණ ද දෛනිකව පරිභෝජනය කෙරෙනවා. දෛනිකව පරිභෝජනය කෙරෙන කළුතෙල් ප්‍රමාණය මෙට්්‍රක් ටොන් 1300 ක්. ගුවන් යානා ඉන්ධන මෙට්්‍රක් ටොන් 500 ත් 800 ත් අතර ප්‍රමාණයක් ද      ශ්‍රී ලංකාවේ දෛනිකව පරිභෝජනය කෙරෙනවා.

 

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
79.38% 
  නැත
 
20.61%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks