| |
| |
අභයගිරිය සංරක්ෂණයට මහජන ශ්‍රම දායකත්වය අපේක්ෂා කෙරේ. |
|
|
2012-02-06
ඩිල්ෂාන්
අනුරාධුපර අභයගිරිය ස්ථූපයේ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීමට මහජන ශ්‍රම දායකත්වය අවශ්‍යව ඇතැයි එම වැඩබිමේ ස්ථානභාර නිළධාරී එච්.ඩී. මෙත්තානන්ද මහතා පවසනවා. සංරක්ෂණ කටයුතු සිදුකෙරෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේයි. හතරැස් කොටුවේ සංරක්ෂණ කටයුතු අවසන් කර තිඛෙනවා. ගර්භයේ සංරක්ෂණ කටයුතු ද වැඩි කොටසක් අවසන්. පේසා වළලූ සහ මළුවේ සංරක්ෂණ කටයුතු දැන් සිදුකෙරෙනවා. ඊට ශ්‍රම දායකත්වය ලබාදීමට අපේක්ෂා කරන්නේ නම් 025 222 52 62 හෝ 0714 395 157 යන දුරකතන අංකවලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.
|
|
| |
|
|
|
|
|
|
|