| |
| |
අන්තරයට අධිකරණයෙන් නියොගයක් |
|
|
2012-09-19
[චිරාන් ධර්මසේන]
ජනතාව අපහසුතාවට පත්වන අයුරින් හා මාර්ග අවහිර වන අන්දමින් විරෝධතා නොපවත්වන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට අද නියෝග කළා. ඒ, කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් වන පූජ්‍ය කිඹුලාඇලේ චන්ද්‍රාලෝක හිමියන්ට සහ සංජීව බණ්ඩාර යන අයට අදාළ නියෝගය ලබාදීමට නියමිතයි. ඒ අනුව, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට සිය උද්ඝෝෂණ පැවැත්විය හැක්කේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඇති හිස් භූමියේ පමණයි. උද්ඝෝෂණකරුවන් කිසිදු අවස්ථාවක දුම්රියපොළ ඉදිරිපිට ඇති මහා මාර්ගය භාවිත නොකළ යුතු අතර එහි වාහන ගමනාගමනයට කිසිදු ක‍්‍රියාවක් සිදුනොකළ යුතුයි. දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ට අවහිරතාවක් හෝ බාධාවක් වන කිසිදු ක‍්‍රියාවක් සිදුකිරීමටද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට නොහැකි බවයි එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
|
|
| |
|
|
|
|
|
|
|