
ශී‍්‍ර ලංකා සහ රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක් දැන් පැවැත්වෙනවා. දෙරටටම වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ එහිදී අවධානය යොමු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රුසියානු ගෑස් ප්‍රෝම් ආයතනයේ සංචාරයකට එක්වුණා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපතිවරයා එම ආයතනයේ සභාපති ඇලෝයි මිලර් මහතා සමගද සාකච්ඡුාවට එක්වූ බවයි. ශී‍්‍ර ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණයට සහය ලබාදීමට සහය ලබාදීමට මිලර් මහතා එහිදී එක`ගතාව පළ කළා.
කැනීම් සිදු කළ හැකි ඛනිජ තෙල් සහ ගෑස් නිධි කලාප අටක් ශී‍්‍ර ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඉන් එක කලාපයක කැණීම් කටයුතු සිදු කරන්නේ ඉන්දියාවේ කි‍්‍රයාත්මක බි‍්‍රතාන්‍ය සමාගමක්. සෙසු කලාපවල කැනීම් කටයුතුවලට එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියානු ගෑස් ප්‍රෝම් ආයතනයට ආරාධනා කළා. එය පිළිගත් එම ආයතනයේ සභාපතිවරයා විදුලි බල උත්පාදනය සඳහාද ශී‍්‍ර ලංකාවට සහයදීමට එක`ගතාව පළ කර තිබෙනවා. තුන් පාර්ශ්වයක් සහභාගි කර නොගෙන රුසියාවේ නිෂ්පාදිත ඛනිජ තෙල් ශී‍්‍ර ලංකාවට කෙලින්ම ලබාදීමටද ඔහු එක`ගතාව පළ කළා.
මේ අතර ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ ද්විපාර්ශ්වික ගිවිසුමකටද අද අත්සන් තැබුණා. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාත් රුසියාව වෙනුවෙන් එරට ජනමාධ්‍ය අමාත්‍ය ඇලෙක් ෂරෝ මහතාත් ඊට අත්සන් තැබුවා.
