
පාර්ලිමේන්තුව ඉදිරි පැය 48 ඇතුළත විසුරුවා හරිනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. එම ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ රුසියානු සංචාරය නිමවා දිවයිනට පැමිණි විගස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිල ලියැවිල්ලට අත්සන් තබනු ඇති බවයි. නීතිය ප‍්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර සති දෙකක් ඇතුළත මහ මැතිවරණයට නාම යෝජනා කැඳවිය යුතු වනවා. එතැන් සිට මාස එක හමාරක් ඇතුළත දිනකදී මැතිවරණය පැවැත්විය යුතුයි. කෙසේ වෙතත් සිංහල හා හින්දු අලූත් අවුරුදු සැමරුම්වලට බාධාවක් නොවන පරිදි මැතිවරණය පැවැත්වීම රජයේ අපේක්ෂාව වනවා. මේ අනුව බොහෝ විට අපේ‍්‍රල් මස දෙවන සතියේ දිනක මැතිවරණය පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අතර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ කෙරුණා. මණ්ඩල තුනක් යටතේ අද මෙන්ම හෙට දිනයේද සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනු ඇති. එහි තීරණයට විරෝධය දක්වන්නෙකු වේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට අභියාචනා මණ්ඩලයක්ද පත් කර තිබෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
