
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සැසිවාරයකට සහභාගි වීම සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද ජිනීවා බලා පිටත්ව ගියා. මෙම සැසිවාරය කැඳවා ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉකුත්දා මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ලක් රජයෙන් කරුණු විමසීමටයි. රජය වෙනුවෙන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊට පිළිතුරු දෙනු ඇති. නීතිපති මොහාන් පීරිස් මහතාද එම අවස්ථාවට සහභාගි වනවා.
