
මහවතැන්න පේරකනත්ත කනිෂ්ඨ විiාලයේ හය සහ හත ශ්‍රේණි අද ඉවත් කෙරුණා. ඒ එම ශ්‍රේණිවල අධ්‍යාපනය ලැබූ සිසු දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් පීඩාවට හෙළමින්.
මහවතැන්න පේරකනත්ත කනිෂ්ඨ විiාලය අයත් වන්නේ විල්ගමුව අධ්‍යාපන කලාපයටයි. කලක් තිස්සේ එම විiාලය ගුරු හි`ගය නිසා ගැටලූවලට මුහුණදී සිටියා. විiාලයේ හය සහ හත ශ්‍රේණි ඉවත් කරනු ලැබ ඇත්තේ එම ගැටලූව නිරාකරණය කිරීමට නොහැකි තරම් උග‍්‍රවීම නිසයි. විල්ගමුව කලාපයේ අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ද පැමිණ විiාලයේදී ඊයේ සවස පැවැත්වූ සාකච්ඡුාවකින් පසු එම තීරණයට එළැඹ තිබෙනවා. ඒ අනුව සිසුන් හැට දෙනෙකුට පමණ අස්වීමේ ලිපි ලබා දුන්නා. අස්වීමට හේතුව ලෙස ඒවායේ සඳහන් කර ඇත්තේ වෙනත් පාසලකට යාමයි. එහෙත් එලෙස යාමට පාසලක් ලබාදී නැහැ. මේ නිසා ඉගෙන ගැනීමට පාසලක් සොයා දෙමාපියන් සමග තැනින් තැනට යාමට සිසුන්ට සිදුව තිබෙනවා.
