
පාර්ලිමේන්තුවට බුදු සුවද එක් කළ හිමිවරුන් දේශපාලනයෙන් නික්මෙන ලකුණු පහල වෙලා. උඩුවේ ධම්මාලෝක හිමියන් දේශපාලනයෙන් ඉවත් වන බව පැවසුවේ ඉකුත් සතියේයි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර කොටපොළ අමරකිත්ති හිමියනුත් දේශපාලනයෙන් ඉවත් වන බව අද ප‍්‍රකාශයට පත් කළා. දේශපාලනයෙන් පමණක් නොව ජාතික හෙළ උරුමයේ සභාපති තනතුරෙන් හා සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වීමට උන්වහන්සේ තීරණය කරලා. ඊට හේතුව වශයෙන් ප‍්‍රකාශ කරන්නේ පෞද්ගලික කාරණා කිහිපයක්. ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කොලොන්නාවේ සුමංගල හිමියන්ද දේශපාලනයෙන් ඉවත් වන බවට මීට පෙර ප‍්‍රකාශ කර තිබුනා.
