Name:

Song/Artist:

Dedication:

E-Mail:
Neth Music Chart


මුදාගත් ළමා සොල්දාදුවන් ගැන ජගත් මහ ලේකම්වරයාගෙන් ලක් රජයට උපදෙසක්.

එල් ටී ටී ඊය විසින් යුද කටයුතු සඳහා යොදා ගන්නා ලද ළමුන් පුනරුත්ථාපන වැඩපිළිවෙළ කඩිනම් හා ශක්තිමත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලක් රජයෙන් ඉල්ලා සිටිනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කී මූන් මහතා කියා සිටියේ මෙම ළමුන්ගේ ආරක්ෂාව හා සෙසු අවශ්‍යතා කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

දශක 3ක් පමණ තිස්සේ එල් ටී ටී ඊය සන්නද්ධ කි‍්‍රයාවල නිරත වූයේ මෙරට ජන ජීවිතය උඩුයටිකුරු කරමින්. ඒ සඳහා එල් ටී ටී ඊය විසින් යොදා ගන්නා ලද්දේ හැදී වැඩුනු තරුණ තරුණියන් පමණක්ම නොවෙයි. වයස්ගත වූවන් මෙන්ම බාලවයස්කරුවන්ද එල් ටී ටී ඊයේ ගොදුරු බවට පත් වුණා. පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී එල් ටී ටී ඊය විසින් පැහැර ගන්නා ලද ළමුන් සංඛ්‍යාව අපමණයි. ඇතැම් ළමුන් කී‍්‍රඩා පිටියේදී හෝ වගා බිමේදී එල් ටී ටී ඊයට කොටු වුණා.

මානුෂීය මෙහෙයුමේදී එල් ටී ටී ඊය පරාජය වීමත් සමග මෙවැනි ළමුන් බොහෝ දෙනෙකුටද නිදහස උරුම වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසන්නේ ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම කඩිනමින් සිදුකළ යුතු බවයි. පුනරුත්ථාපන වැඩපිළිවෙළකින් පසු ඔවුන් සමාජ ගත කිරීමටද පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ප‍්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ළමුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය මුලුමනින් තුරන් කළ යුතු බවයි. ළමුන්ට එරෙහි පහරදීම් හෝ පැහැර ගැනීම් පිළිබඳ වාර්තා වන සියලු සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු බව ද ඔහු අවධාරණය කරනවා.

**********



Posted on Fri, 03 Jul 2009 12:45PM LKT (GMT +0530)

>>    >>    Subscribe

Download Sinhala Unicode Fonts
How to Install Sinhala Font? - Guide