
ගෑස් මිල සංශෝධනය මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මකයි. ෂෙල් ගෘහස්ථ ගෑස් සිිලින්ඩරයක මිල එමගින් රුපියල් 53කින් පහත හෙළා තිබෙනවා. ඒ අනුව ෂෙල් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් එක්දහස් හාරසිය හතලිස් හතක්. පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල සටහන් වුණේ රුපියල් එක්දහස් හයසිය දහනවයක් ලෙසින්. ඉන් අනතුරුව ජනවාරි මාසයේදී ගෑස් සිලින්ඩරයක මිල රුපියල් එක්දහස් තුන්සිය නවය දක්වා පහත හෙලුනා. මාර්තු මාසයේදී යළි එය රුපියල් එක්දහස් පන්සීය දක්වා ඉහළ ගියා.
මේ අතර ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් එක්දහස් හාරසිය හතක්. පැවති මිලට වඩා රුපියල් 100කින් එය ඉහළ දැමුනා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙම මිල සංශෝධනයන් මිල සූත‍්‍රය පදනම් කර ගනිමින් සිදු කළ බවයි.
**********
