Name:

Song/Artist:

Dedication:

E-Mail:
Neth Music Chart


සංවර්ධනයට සහ ප‍්‍රතිසන්ධානයට ජනපතිගෙන් සර්ව පාක්ෂික කමිටුවක්.

සංවර්ධන සහ ප‍්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් සර්ව පාක්ෂික කමිටුවක් පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සංවර්ධන කටයුතු සහ කාලීන දේශපාලන ගැටලු මෙම කමිටුව හමුවේ පුලුල් වශයෙන් සාකච්ඡුා කෙරෙන බවයි. එසේම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මසකට වරක් මෙම කමිටුව රැුස්වනු ඇති බවද එම නිවේදනයේ දැක්වුණා.

මේ අතර ශී‍්‍ර ලංකා ජාතිය යළි පාවාදීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ මහින්ද චින්තනයෙන් ජනතාවට ලබාදුන් සියලු පොරොන්දු ඉටු කිරීමට තමා පියවර ගන්නා බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර පිරිනැමීමේ උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඊට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියා.

***********



Posted on Tue, 30 Jun 2009 08:24PM LKT (GMT +0530)

>>    >>    Subscribe

Download Sinhala Unicode Fonts
How to Install Sinhala Font? - Guide