
තිස් වසරක ත‍්‍රස්තවාදය රටින් අතුගා දැමීමට මූල බීජය රෝපණය කළේ එක්සත් ජාතික පක්ෂය බව එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා කියා සිටියේ 2002 වසරේ අත්සන් තැබුනු සටන් විරාම ගිවිසුම එම මූල බීජය බවයි. එහෙත් එය වැරදි ලෙස අර්ථ කථනය කරමින් එක්සත් ජාතික පක්ෂය අපහසුතාවට පත් කිරීමට රජය කටයුතු කළ බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.
සටන් විරාම ගිවිසුම පාවාදීමේ ලේඛනයක් නොව විජයග‍්‍රහණයේ ඇරඹුමක් බව වජිර අබේවර්ධන මහතා මෙහිදී යලි යළිත් අවධාරණය කළා.
**********
