Name:

Song/Artist:

Dedication:

E-Mail:
Neth Music Chart


සංචාරකයන්ට ශී‍්‍ර ලංකාව සුරක්ෂිතයි - අවධාරණය කෙරේ.

ශී‍්‍ර ලංකාව සංචාරකයින් සඳහා ආකර්ශනීය සහ ආරක්ෂිත කලාපයක් බව විදේශ කටයුතු අමාත්‍යංශය යළි තහවුරු කරනවා. එම අමාත්‍යංශය පැවසුවේ මේ පිළිබඳ තානාපතිවරුන් මගින් විදෙස් රටවල් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. තානාපතිවරුන් ඔවුන් සේවය කරන රටෙහි විදේශ කටයුතු අමාත්‍යංශය සමග ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡුා කරනු ඇතැයි ද එම අමාත්‍යංශය කියා සිටියා.

ත‍්‍රස්ත කි‍්‍රයා හේතුවෙන් ඉකුත් වකවානුවේදී ශී‍්‍ර ලංකාව සංචාරකයින් සඳහා අනාරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ඇතැම් රටවල් ප‍්‍රකාශයට පත් කළා. එහෙත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බවයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇතැයි එම අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය කියා සිටියා.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීම හෝ වාසය කිරීම තවමත් ආරක්ෂිත නැතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ට අනතුරු අ`ගවා තිබෙනවා. දින කිහිපයකට ඉහතදී නිකුත් කෙරුණු මෙම අනතුරු ඇ`ගවීමෙහි සඳහන් වන්නේ ත‍්‍රස්ත කි‍්‍රයා සිදුවීමේ අවදානමක් ශී‍්‍ර ලංකාව තුළ තවමත් පවතින බවයි. දරුණු ගැටුම් අවසන් වුවද අස්ථාවරත්වය අවසන් වී නැතැයි එහි වැඩිදුරටත් සඳහන් වනවා.

**********



Posted on Mon, 29 Jun 2009 12:47PM LKT (GMT +0530)

>>    >>    Subscribe

Download Sinhala Unicode Fonts
How to Install Sinhala Font? - Guide