Name:

Song/Artist:

Dedication:

E-Mail:
Neth Music Chart


ජපන් නියෝජිත යසුෂි අකාෂි යළි දිවයිනට.

ශී‍්‍ර ලංකාව පිළිබඳ ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා අද අලුයම දිවයිනට පැමිණියා. නෙත් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ තායි ගුවන් සේවයට අයත් ටී බී 307 දරණ යානයෙන් අකාෂි මහතා අද අලුයම දිවයිනට පැමිණි බවයි. ඔහු සමග තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංයේ නිලධාරින් දෙදෙනෙකුද දිවයිනට පැමිණ තිබෙනවා.

යසුෂි අකාෂි මහතා දිවයිනට පැමිණි 19 වන අවස්ථාව මෙයයි. එහෙත් ඒ පිළිබඳ කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙම සංචාරය සිය අනුදැනුමකින් තොරව සිදු කෙරෙන්නක් බවයි. කෙසේ වෙතත් ආයෝජන ප‍්‍රවර්ධන කටයුත්තක් සඳහා මෙම සංචාරය සිදු කෙරෙන බව විදෙස් වාර්තාවක සඳහන් වුණා.

**********



Posted on Thu, 16 Jul 2009 07:43AM LKT (GMT +0530)

>>    >>    Subscribe

Download Sinhala Unicode Fonts
How to Install Sinhala Font? - Guide