Name:

Song/Artist:

Dedication:

E-Mail:
Neth Music Chart


එල් ටී ටී ඊ සාමාජිකයින් හමුදාවට බැඳීමේ සූදානමක්.

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් රැුසක් ආරක්ෂක හමුදාවන්ට එක්වීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඔවුන් මෙම කැමැත්ත ප‍්‍රකාශ කර ඇත්තේ අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හා නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යන මහත්වරුන් මාර්ගයෙනුයි. තමන් සමග සිටින මෙම සාමාජිකයින් පසු කාලයේ එල් ටී ටී ඊයෙන් වෙන්වී රජයට සහය දීමට ඉදිරිපත් වූ බවද ඔවුන් පෙන්වා දෙනවා. එසේම මෙම අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ ආරක්ෂක හමුදාවලට එක්වීමට කැමැත්ත පළ කර ඇති හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් කිසි විටෙකත් සටන්වලට එක් නොවූ අය බවයි. ඔවුන් දේශපාලන කටයුතු සඳහා එක්වූවන් බවද පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් පිළිතුරක් ලබා දී නැති බවයි වාර්තා වන්නේ.

**********



Posted on Mon, 29 Jun 2009 08:53AM LKT (GMT +0530)

>>    >>    Subscribe

Download Sinhala Unicode Fonts
How to Install Sinhala Font? - Guide