Name:

Song/Artist:

Dedication:

E-Mail:
Neth Music Chart


ත‍්‍රස්තවාදය ආර්ථිකයට ඍජුව බලපෑ බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසයි.

ත‍්‍රස්තවාදය හේතුවෙන් දශක කිහිපයක් මෙරට ආර්ථිකය එක තැන පල් වූ බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සිටි සෑම නායකයෙකුම ත‍්‍රස්තවාදය පැරදවීමට ශක්ති ප‍්‍රමාණයෙන් කටයුතු කළ බවයි. එහෙත් එය ජය ගැනීමට හැකිවූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට බව අමාත්‍යවරයා කියා සිටියා. ඔහු මේ අදහස් පල කළේ මානුෂීය මෙහෙයුම වාර්තා කළ මාධ්‍යවේදීන්ට සම්මාන පිරිනැමීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඊයේ පැවති උත්සවයකට එක් වෙමින්.

කෙසේ වෙතත් ත‍්‍රස්තවාදය තුරන් කර ඇති මෙම අවස්ථාවේ ආර්ථිකය යලි න`ගා සිටුවීමට හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විශ්වාසය පල කළා.

මේ අතර ඊයේ පැවති සම්මාන උළෙලේදී නෙත් එෆ් එම් රේඩියෝවේ චිරාන් ජිවන්ත ධර්මසේනට ද සම්මානයක් පිරිනැමුනා. සත්‍ය තොරතුරු සමබර ලෙස වාර්තාකරණයට දිරි දීම වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝවේ සභාපති නිහාල් සෙනෙවිරත්න ඈපා, ප‍්‍රධාන විධායක නිලධාරි අසංක ජයසූරිය සහ ප‍්‍රවෘත්ති කළමනාකරු මහින්ද රුබසිංහ යන මහත්වරුන්ට ද මෙහිදී සම්මාන පිරිනැමුනා. සම්මාන උළෙල සංවිධාන කර තිබුණේ තුන්හෙළ ජාතික ව්‍යාපාරයයි.

**********



Posted on Thu, 16 Jul 2009 07:43AM LKT (GMT +0530)

>>    >>    Subscribe

Download Sinhala Unicode Fonts
How to Install Sinhala Font? - Guide